Monday, April 29, 2024

General line - 0115112241

ශතකය රැස් කිරීමෙන් පසු මැතිව්ස් අමුතු ක්‍රමයකට සතුට සමරයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් අද (18) සිය 09 වන ශකතය රැස් කළා.

සිය 09 වන ශතකය ලබා ගැනීමෙන් පසු මැතිව්ස් Push-upsවල යෙදෙමින් තමා තවදුරටත් උපරිම යෝග්‍යතාවයෙන් සිටින ක්‍රීඩකයෙකු බව පෙන්වා දුන්නා.

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ප‍්‍රථම ටෙස්ට් තරගයේ ශී‍්‍ර ලංකා දෙවන ඉනිමේදී ඔහු මෙම ශතකය වාර්තා කළා.

මෙම තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ වෙලින්ටන්හිදීයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මුල් කඩුළු තුන ලකුණු 13 ක් ඇතුළත බිද දැමීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වූ අතර සිය කණ්ඩායමේ බර සියතට ගනිමින් ආරක්ෂාකාරී ඉනිමක් ගොඩ නගන්නට මැතිව්ස් සමත් වුණා.

මේ වන විට නොදැවී ක්‍රීඩා කරන මැතිව්ස් ලකුණු 116ක් ලබා ක්‍රීඩා කරනවා.