Monday, April 29, 2024

General line - 0115112241

විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂට හිමි වෙයි

දිනුක් හේවාවිතාරණ




විපක්ෂ නායකත්වය ලෙස පිළිගන්නේ විපක්ෂයේ අසුන් ගෙන සිටින බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායකයා බව කථානායක කරූ ජයසූරිය මහතා පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා තමන් පිළිගන්නා බවට කථානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කරනවා.

එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර පිළිගන්නා බවයි මෙහිදී කථානායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය නොමැති පිරිසක් පාර්ලිමේන්තුවේ රැදී සිටින බවයි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්ව සිටින මන්ත්‍රිවරුන්ගේ ධුරයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව මාසයක් ඉක්මවූ පසු අහෝසි වන බවයි.