Monday, April 29, 2024

General line - 0115112241

මුදල් ඇමති ඇතුළු කැබිනට් මණ්ඩලයේ කොටසක් හෙට දිවුරුම් දෙයි

දිනුක් හේවාවිතාරණ / තරංග රුක්ෂාන් ජයසේකර




නව කැබිනට් මණ්ඩලය හෙට (19) දිනයේ දිවුරුම් දීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා. හෙට දිනයේදී කැබිනට් අමාත්‍යධුර 18ක් හෝ 20 ක් සඳහා අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ඇති බවත් ඉතිරි පිරිස අනිද්දා දිවුරුම් දෙනු ඇති බවටයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර හෙට දිනයේදී දිවුරුම් දෙන අමාත්‍යවරුන් අතර මුදල් අමාත්‍යවරයාද සිටින බවත් නීතිය හා සාමය අමාත්‍යාංශය සම්බන්ධයෙන් මේ දක්වා අවසන් එළැඹ නොමැති බවයි මෙහිදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කලේ.

එක්සත් ජාතික පක්ෂය විසින් අද සවස් භාගයේදී කැබිනට් මණ්ඩලය සඳහා යෝජිත නම් ලැයිස්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති බවයි වාර්තා වුයේ.