Monday, April 29, 2024

General line - 0115112241

ඇමතිකම් නොදෙන අය ගැන ඉඟියක්

දිනුක් හේවාවිතාරණ / තරංග රුක්ෂාන් ජයසේකර




එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිසිවෙකුටත් අමාත්‍යධුරයන් ලබා නොදිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තිරණය කර තිබෙනවා.

ඊයේ (18) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්විමේදි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරයෙක්ටද ඇමතිකම් ලබා නොදිමට ජනාධිපතිවරයා තිරණ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයක් හිමිකර ගත් මෙම හිටපු අමාත්‍යවරයා පසුගිය සමයේදී ආන්දෝලනාත්මක පුවත් මවන්නෙක් වූ අතර දිගින් දිගටම ජනාධිපතිවරයා විවේචනය කරනු ලැබූ අයෙක් බවයි වාර්තා වන්නේ.