Monday, April 29, 2024

General line - 0115112241

පරෙවි දූපත දින නියමයක් නොමැතිව වසා දැමේ

අමදෝරු අමරජීව




පරෙවි දූපත ජාතික උද්‍යානය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර මුහුදේ මේ දිනවල පවති රළු ස්වභාවය හේතුවෙන් මෙම පියවර ගත් බවයි එහි නිලධාරීන් පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උද්‍යාන භාරකරු පී.ඩී සුනිල් ශාන්ත සඳහන් කළේ මෙම තත්ත්වය මෙම මස අවසන් වන තුරු පැවතිය හැකි බවයි. මුහුද සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසයි නිලධාරීන් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.