Sunday, May 5, 2024

General line - 0115112241

LIOC සමාගමේ නවතම ඉන්ධන මිල ගණන් මෙන්න

හේමන්ත කහවලගේ




පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් දෙකකින් අඩු කිරීමට ලංකා අයි.ඕ.සී. සමාගම තීරණය කර තිබෙනවා. ඒ ඉන්ධන මිල සුත්‍රයට අනුව මුදල් අමාත්‍යාංශය විසින් ඉන්ධන මිල ගණන් පහත හෙලීමට පියවර ගැනීම හේතුවෙන්.

ඒ අනුව ඔක්ටේන් 92 සහ  ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු කිරීමටත් ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් දෙකකින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින් අඩු කරන බව ද එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

නවතම ඉන්ධන මිල ගණන් පහතින් දැක්වේ.