Sunday, May 5, 2024

General line - 0115112241

කැබිනට් ඇමති ධූර සංඛ්‍යාව වැඩි කරන්න - කැබිනට් නොවන ඇමතිවරයෙකුගෙන් ඉල්ලීමක්

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




තමන් කැබිනට් නොවන අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ තාවකාලිකව බව කම්කරු හා වෘත්තීය සබදතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර පවසනවා. අමාත්‍යාංශ කිහිපයක් එක් අමාත්‍යවරයෙකු යටතේ පැවතීම හේතුවෙන් එම ඇතැම් අමාත්‍යාංශවල කටයුතු නිසි පරිදි සිදු නොවන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ.

 

පවතින ගැටළු විසදා ගැනීමට කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කළ යුතු බවද කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර වැඩිදුරටත් කියාසිටියා.