Saturday, May 4, 2024

General line - 0115112241

වත්තල වෙඩි තැබීමක් : පුද්ගලයින් දෙදෙනක් මරුට (VIDEO)

දිනුක් හේවාවිතාරණ




වත්තල හේකිත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා. 

කාර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් තවත් කාර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

වෙඩි ප්‍රහාරය එල්ලවූ කාර් රථයේ පිරිමින් දෙදෙනෙක් සහ කාන්තාවක් ගමන් කරමින් සිට ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් පිරිමි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇත. කාර් රථයේ සිටි කාන්තාවට කිසිදු හානියක් සිදුවී නොමැති බව පොලිසිය කියයි. 

සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු වත්තල පොලිසිය විසින් සිදුකරයි.