Thursday, May 16, 2024

General line - 0115112241

දකුණ සහ ඌව නව ආණ්ඩුකාරවරුන් වැඩභාර ගනි

කසුන් කැලුම්




දකුණ සහ ඌව පළාත් නව ආණ්ඩුකාරවරුන් අද (14) වැඩ භාර ගත්තා. දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් කීර්ති තෙන්නකෝන් අද සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේ දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි. එම අවස්ථාවට දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමල් රාජපක්ෂ ද එක්ව සිටියා. 

ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් මාර්ෂල් පෙරේරා අද එම ආණ්ඩුකාර කාර්යාලයේදී වැඩ භාර ගත්තා. එම අවස්ථාවට ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා සහ ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ද එක්ව සිටියා.