Sunday, April 28, 2024

General line - 0115112241

කෘෂි රසායන අනවශ්‍යයි - විනාඩි දහයෙන් සේනා මඩින්න දේශීය පිළියමක්

දිනේෂ් උපේන්ද්‍ර/ පසන් වික්‍රමතිලක




මෙරට කෘෂි ක්ෂේත‍්‍රයට දැඩි බලපෑමක් එල්ල කර ඇති සේනා දළඹු උවදුර මර්ධනය කිරීමට හැකි නව ඖෂධයක් සොයා ගැනීමට කුලියාපිටියේ ආයුර්වේද වෛද්‍යවරයෙකු සමත්ව තිබෙනවා. මෙමගින් මිනිත්තු 10ක් වැනි කාලයක් ඇතුළත සේනා දළඹුවන් විනාශ කළ හැකි බවයි  ඔහු පෙන්වා දෙන්නේ. මේ, එම ඖෂධය සොයා ගත් කුලියාපිටිය මූණමල්දෙණියේ වෛද්‍යාචාර්ය රාජජීව.

 

තම නිෂ්පාදනය රට පුරා ප‍්‍රචලිත කර සේනා දළඹුවන් මුළුමනින්ම මර්ධනය කිරීමට රජයේ සහය බලාපොරොත්තු වන බවයි වෛද්‍යචාර්ය රාජජීව වැඩිදුරටත් පැවසුවේ.

 

සේනා දළඹූ උවදුර මර්ධනය කිරීම සඳහා අත්හදා බැලූ සාර්ථක ක‍්‍රම කිහිපයක් ඉකුත් දින කිහිපයේදීම ප‍්‍රදේශ කිහිපයකින් වාර්තාවුණා. මේ අතර කෘමි නාශක භාවිත කරමින් සේනා දළඹූ උවදුර මර්ධනයට ගොවීන් නැඹුරු වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අනුරාධපුරයේදී අමාත්‍ය පී හැරිසන්ගෙන් ප‍්‍රශ්ණ කළා. 

අනුරාධපුර දිස්ති‍්‍රක් ගොවිජන සේවා කාර්යාලයේ අද පැවැති  වැඩසටහනකදී අමාත්‍ය පී හැරිසන් පැවසුවේ දළඹු ව්‍යවසනයෙන් හානියට පත් වගාවන් සඳහා වන්දි ලබා දීට අවශ්‍ය කටයුතු මේවනවිට සිදුවන බවයි. ගොවි රක්ෂණ වන්දි සඳහා රක්ෂණ වන්දි ලබා දීමටත් ඉදිරියේදී තමන් අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසුවා.