Sunday, April 28, 2024

General line - 0115112241

ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පොහොට්ටුව අධිකරණයට

කසුන් කැළුම්/ පසන් වික්‍රමතිලක




පළාත්සභා ඡුන්ද විමසීම පැවැත්වීමේ ක‍්‍රමවේදය පිළිබඳ ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බලාපොරොත්තු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල අද ප‍්‍රකාශ කළා.  ඒ එම පක්ෂය අද කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

 

පළාත් සභා ඡුන්ද විමසීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවේදී ද අදහස් පළ වුණා. එහිදී අදහස් දැක්වූ එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ හිටපු මහ ඇමතිවරුන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන බවයි.