Saturday, May 4, 2024

General line - 0115112241

කැන්ගරු දේශයේදී සිංහයින් අසරණ වෙයි

ප්‍රනීත් කරුණාරත්න




ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී, ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 144 සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් මීට සුළු මොහොතකට පෙර සමත් විය.

එහිදී ශ්‍රීලංකා කන්ඩායම වෙනුවෙන් සාර්තක වූ එකම පිතිකරුවා වන නිරෝෂන් දික්වැල්ල රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 64කි. එය ඔහුගේ 11 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. 

පන්දු යැවීමේදි ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පැට් කමින්ස් ලකුනු 39කට කඩුලු 4ක්ද,ජේ රිචඩ්සන් ලකුණු 26කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණඩායම කිසිවෙකු නොදැවී ලකුණු 6ක් රැස්කරගෙන සිටියි.