Sunday, May 5, 2024

General line - 0115112241

නොවැක් ජොකෝවික් ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශුරතාවය දිනා ගනියි

තරංග රුක්ෂාන් ජයසේකර




ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශුරතාව දිනා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකෝවික් අද (27) සමත්වුණා. ඒ ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් පරාජයට පත් කරමින්. ලොව අංක එකේ ටෙනිස් කී‍්‍රඩකයා වන ජොකෝවික් සහ ලොව අංක දෙකේ ටෙනිස් කී‍්‍රඩකයා වන නඩාල් අතර පැවැති මෙම තරගය ලොව පුරා කාගේත් අවධානය දිනා ගත්තා.

එය අවසන් වූයේ වට 3ට 0ක් ලෙස නොවැක් ජොකෝවික් ජය ගනිමින්. මෙය ඔහු ජයග‍්‍රහණය කළ 07වන ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශුරතාව වන අතර ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශුරතායක් දිනූ 03වන අවස්ථාව ද වනවා.