Sunday, May 5, 2024

General line - 0115112241

තනි කැමැත්තට වැඩ කළ හතුරුසිංහට වැඩ වරදියි

කසුන් කැළුම්




ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ බලතල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ  තේරීම් කමිටු සාමාජිකයින් සියලූදෙනාගේ ඒකමතික තීරණයන්ට අනුව පමණක් ක‍්‍රීඩකයින් තෝරා ගැනීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

චන්දික හතුරුසිංහ සිය තනි තීරණ මත ක‍්‍රීඩකයින් තෝරාගත් බවට ඉකුත්දා චෝදනා එල්ල වුණා.

සෙසු තේරීම් කමිටු සාමාජිකයින්ගේ තීරණයන්ට ඔහු විසින් කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇති බවටයි එහිදී වාර්තා වුණේ. 

මේ අතර චන්දික හතුරුසිංහ තේරීම් කමිටුවෙන් ඉවත් කර ඇති බවට ඇතැම් මාධ්‍ය, අද (29) වාර්තා පළ කර තිබුණා.

ඒ පිළිබද කළ විමසීමක දී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ එම පුවත සත්‍යයෙන් තොර බවයි.