Wednesday, May 1, 2024

General line - 0115112241

සේනා ඇති කළේ සමාගම් බවට සිතිය හැකි බව රතන හිමි කියයි

හේමන්ත කහවලගේ/ ලහිරු කපුගේ




කිසියම් ගොවියෙකු සේනා උවදුරෙන් තවමත් පීඩා විඳින්නේ නම් ඊට විසඳුම් දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

මෙම උවදුර මර්දනය කිරීමට සුදුසු ක‍්‍රම මේ වනවිට හඳුනාගෙන තිබෙන බවයි උන්වහන්සේ පැවසුවේ. 

එහිදී "මේ උවදුර සමාගම් විසින් කරපු දෙයක් කියලා හිතන්න ඉඩක් තියෙනවා. නමුත් මට සාක්ෂි නෑ. මොනවා වුණත් මේකට අපි උත්තරය හොයාගෙන ඉවරයි. ඕනෑම තැනක සේනා දළඹුවෙක් ඉන්නවානම් අපිට කියන්න..අපිට සතියක් යන්න කලින් ඒක මර්දනය කරන්න පුළුවන්. මේකෙ ප්‍රධානම දේ තමයි කොහොඹ ඇට." යනුවෙන්ද සඳහන් කළා.

සේනා උවදුර මර්දනය කිරීමට විකල්ප හඳුනාගැනීම සඳහා සහ ඒවා ප‍්‍රවර්ධනය කිරීමට නෙත් එෆ්. එම්. රේඩියෝව ලබාදෙන සහය පිළිබඳව ද මෙහිදී සිහිපත් කෙරුණා. 

සේනා දළඹුවා විසින් පළමුව ආක‍්‍රමණය කළේ බඩ ඉරිගු වගාවයි. පසුව වෙනත් බෝගවලට ද එම ආක‍්‍රමණ පැතිරුණා.