Monday, April 29, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු මැදපෙළින් ශ්‍රී ලංකාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ඔස්ටේ‍්‍රලියානු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 200ක සබඳතාවක් ගොඩනැගීමට ජෝ බර්නස් සහ ට‍්‍රැවිස් හෙඞ් සමත්වුණා. 

ඒ, සිව්වන කඩුල්ල සඳහායි. ඔස්ටේ‍්‍රලියානු ඉනිමේ පළමු කඩුළු 03 ලකුණු 28ක් තුළ බිඳ වැටුණා. ඉන් අනතුරුව පිටියට එක්වූ ජෝ බර්න්ස් සහ ට‍්‍රැවිස් හෙඞ් ඔස්ටේ‍්‍රලියානු ලකුණු පුවරුව ලකුණු 300 සීමාව දක්වා ඔසවා තැබුවා.

ඔවුන් දෙදෙනාම ශතක රැුස් කිරීම ද විශේෂත්වයක්. ඔස්ටේ‍්‍රලියානු ලකුණු පුවරුව මීට නොබෝ වේලාවකට පෙර දැක්වූණේ කඩුළු 03කට ලකුණු 317ක් ලෙසයි.