Saturday, May 4, 2024

General line - 0115112241

කාසල්රී ජලාශයේ ජලමට්ටම සීග‍්‍ර ලෙස අඩුවෙයි

රංජිත් රාජපක්ෂ




මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග කාසල් රී ජලාශයේ ජල මට්ටම සීග‍්‍ර ලෙස පහළ බැස තිබෙනවා.

මේවනවිට එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 22ක් දක්වා පහළ බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවේ. විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනයට කාසල් රී ජලාශය මගින් ජලය සැපයෙනවා.