Saturday, May 4, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩුවට ජවිපෙන් ප්‍රති උත්තර

මහේෂ් චතුරංග / දිල්ශාන් තුෂාර




එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බවට වූ යෝජනාවක් සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල විසින් කතානායක කරූ ජයසූරිය මහතා වෙත අද (01) භාරදුන්නා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46, 4 ව්‍යවස්ථාවට අනුව එම යෝජනාව ඉදිරිපත් කරන බවයි සභානායකවරයා කතානායක කරූ ජයසූරිය මහතා වෙත යොමු කළ ලිපියක දැක්වෙන්නේ.

කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 48 ක් නොඉක්ම විය යුතු බවට සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45 ක් නොඉක්ම වියයුතු බවට එම යෝජනාවේ දැක්වෙනවා. පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බවයි ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කතානායක කරූ ජයසූරිය මහතා වෙත නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.  ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බවට ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් අද භාර දුන් මෙම යෝජනාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මෙලෙස අදහස් පළ කළා.


එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කළ ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවූ මාධ්‍ය හමුවකදීද අදහස් පළ වුණා. ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඞී වී චානක කියාසිටියේ ඉදිරි අයවැය ජයග‍්‍රහණය කිරීම සදහා අමාත්‍ය ධුර වැඩ කර ගැනීමේ උත්සායක එක්සත් ජාතික පක්‍ෂය නිරතව සිටින බවයි.