Monday, April 29, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියා පිතිකරුවන් දෙදෙනෙක් ශතක රැස් කරයි

කසුන් කැලුම්




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් දෙදෙනෙකු ශතක වාර්තා කිරීමට අද (01) සමත් වුණා. පළමු දිනය නිමා වනවිට  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුළු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 384 ක්. ආරම්භක පිතිකරු ජේ බර්න්ස් නොදැවී ලකුණු 172 ක් ලබා සිටිනවා. ටෙ‍්‍රවිස් හෙඞ් ලකුණු 161 ක් රැස් කළා.  ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිමේ මුල් කඩුළු 3 බිද වැටුණේ ලකුණු 28 ක් තුළයි. 

යොවුන් වේග පන්දු යවන කී‍්‍රඩක චාමික කරුණාරත්න අද තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් අතර ඔහු සිය මංගල කඩුල්ල ලෙස මාර්කස් හැරිස්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා. කැන්බරාහි මනූකා  ඕවල් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය නැරඹීම සදහා කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ද එක්ව සිටියා.