Monday, April 29, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියා සිය පළමු ඉනිම ලකුණු 534කට අත්හිටුවයි

කසුන් කැලුම්




ශි‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු  කණ්ඩායම සිය පළමු ඉනිම ලකුණු 534 කට අත්හිටුවීමට අද (02) තීරණය කළා. ඒ, කඩුළු 5 ක් බිද වැටී තිබියදීයි.

අද දිනයේ කර්ටිස් පාටිසන් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමද විශේෂත්වයක්. ඔහු නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 114 ක්. ජෝ බර්න්ස් සහ ටෙ‍්‍රවිස් හෙඞ්ද  ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ශතක වාර්තා කළා.  

විශ්ව ප‍්‍රනාන්දු ලකුණු 126 කට බිද හෙළු කඩුළු සංඛ්‍යාව 3 ක්. සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම තේ පානය සදහා තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 47 ක් ලබා සිටියා. කැන්බරාහි පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.