Monday, April 29, 2024

General line - 0115112241

බවුන්සරයෙන් බිම වැටුනු දිමුත් අවධානමෙන් මිදේ




ඔස්ටේ‍්‍රලියාව සමග අද (02) පැවති ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී අනතුරකට ලක්ව රෝහල්ගත කෙරුණු ශ‍්‍රී ලංකා කී‍්‍රඩක දිමුත් කරුණාරත්න මූලික ප‍්‍රතිකාරවලින් පසු රෝහලෙන් නිදහස් කර තිබෙනවා. දිමුත් කරුණාරත්න මෙම අනතුරට ලක්වූයේ පන්දුවට පහර දෙමින් සිටියදී පැට් කමින්ස් එවූ බවුන්සර් පන්දුවක් ගෙල පිටුපස වැදීමෙන්. 

මෙම අනතුරත් සමග දිමුත් කරුණාරත්න බිම වැතුරුණු අතර මිනිත්තු 30කට ආසන්න කාලයක් ඔහු එලෙස බිම වැතිරී සිටියා. වෛද්‍ය පරීක්ෂා කිරීම් වලින් පසු දිමුත් කරුණාරත්න කී‍්‍රඩාංගනයෙන් ඉවතට රැගෙන ගියේ ගිලන් රථයකින්. ප‍්‍රතිකාර සඳහා ඔහු කැන්බරා රෝහලට ඇතුළත් කෙරුණා. 

මේ අතර අද තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් දැවී ලකුණු 123ක් රැස් කර ගෙන සිටියා. දිමුත් කරුණාරත්න අනතුරකට ලක්ව පිටියෙන් ඉවත්වූයේ ලකුණු 46ක් ලබා ගෙන සිටියදීයි. ලහිරු තිරිමාන්න ලකුණු 41කට දැවී ගියා. 

ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 05ක් දැවී ලකුණු 534යි. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ ඔස්ටේ‍්‍රලියාවට වඩා තවත් ලකුණු 411ක් පිටුපසින්. ඔස්ටේ‍්‍රලියාවේ කැන්බරා කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදී මෙම තරගය පැවැත්වෙනවා.