Saturday, May 4, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 11 දෙනා තෝරා ගැනීම ගැන චන්දිමාල් කතා කරයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට හොඳම 11 දෙනා තෝරා ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ගත වූ මාස 06ක කාලයක සිට මෙම තත්ත්වය පවතින බවයි.

දිනේෂ් චන්දිමාල් මෙම අදහස් පළ කළේ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පරාජයෙන් පසු පැවති ජය සංකේත ප‍්‍රදානයේදීයි.

එළඹෙන දකුණු අප‍්‍රිකානු සංචාරයේ දී කණ්ඩායමක් ලෙස යළි නැගී සිටීමට අපේක්ෂා කරන බවයි චන්දිමාල් එහිදී වැඩිදුරටත් පැවසුවේ.