Saturday, May 4, 2024

General line - 0115112241

"STF සෙබළුන්ටත් ජීවිතාන්තය තෙක් වැටුප් සහ දීමනා" - ජනපති

පසන් වික්‍රමතිලක/තරංග රුක්ෂාන්/දිල්ෂාන් තුෂාර




71 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත් ලෙස කොළඹ ගාලූ මුවදොර පිටියේදී අද (04) පැවැත්වුණා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මැති ඇමතිවරුන්, රාජ්‍ය තාන්ත‍්‍රිකයින්, විදෙස් නියෝජිතයින් ඇතුළු ආරාධිතයින් රැසක් ඊට එක්ව සිටියා. 

එහිදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ ආබාධිත සහ මියගිය රණවිරුවන්ගේ පවුල් වෙත ද ජීවිතාන්තය තෙක් වැටුප් හා දීමනා ගෙවන බවයි. 

රට හමුවේ ඇති ජාතික අභියෝග සම්බන්ධයෙන් සහ දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකිවීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා. 

එහිදී පෙන්වා දුන්නේ "ජනතාව වසර ගණනාවක සිට අපේක්ෂා කළ ආර්ථික සංවර්ධනය රටට ළඟා කර දීමට දේශපාලන නායකයින් ලෙස අප සියල්ලම අසමත් වී ඇත. මන්දගාමී ආර්ථික ක්‍රියාවලියක නිතර වීමට රටේ ජනතාව තවදුරටත් සූදානම් නැත." යනුවෙනි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ 2015 බිහි කළ යහපාලන ආණ්ඩුවෙන් කළ යුතු දේ මෙන්ම නොකළ යුතු දේ ද සිදු වූ බවයි.

ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු නිදහස් දින ජාතික සැමරුම් උළෙල විචිත‍්‍රවත් කරමින් ත‍්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය සහ සංස්කෘතික අංග රැගත් පෙළපාලිය ගමන් කිරීම සිදු වුණා. හෙලිකොප්ටර් ඇතුළු ගුවන් යානා මෙන්ම රණවිරුවන් සිදු කළ ගුවන් සංදර්ශන ද ගාලූ මුවදොර අහසට එක් කළේ අභිමානයක්.

ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු මල්ටි බැරල් රොකට් ලෝන්චරය ද මෙහිදී පළමු වරට ප‍්‍රදර්ශනය කෙරුණා. නිදහස් දින සැමරුම් උළලේ කටයුතු අවසන් වුණේ දමිල බසින් ජාතික ගීය ගායනා කිරීමෙන් පසුවයි.

මේ අතර නිදහස් දින සැමරුම් උළෙල වෙනුවෙන් අද අලූයම සිට ක‍්‍රියාත්මක කෙරුණු විශේෂ රථ වාහන සැලැස්ම උළෙල අවසන් වීමෙන් පසු ඉවත් කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා.