Saturday, May 4, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍යය රුසියාව සහ ඉන්දියාවෙන් සුබ පැතුම්




‍මෙරට 71 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් බි‍්‍රතාන්‍යය, රුසියාව සහ ඉන්දියාව ද සිය සුබ පැතුම් පළ කර තිබෙනවා.

බි‍්‍රතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණ සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් පවස්නේ සියලූ ශ‍්‍රී ලාංකිකයින්ට වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප‍්‍රාර්ථනා කරන බවයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් ද ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබෙනවා. ඔහු පවසන්නේ ජනතා අභිලාෂයන් මල්ඵල ගැන්වීම වෙනුවෙන් දෙරට අතර ගොඩනගා ගෙන ඇති ද්වීපාර්ශවික සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. 

ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ද ජනාධිපතිවරයා වෙත විශේෂ සුබ පැතුම් පණිවුඩයක් එවා තිබෙනවා. එහි දැක්වෙන්නේ සමීප සහෝදර රාජ්‍යයන් ලෙස දෙරට අතර පවතින සබඳතා ඉදිරියේදී අනෝන්‍ය වශයෙන් වඩා ඵලදායි ලෙස ශක්තිමත්ව වර්ධනය වනු ඇති බවයි.