Saturday, May 4, 2024

General line - 0115112241

දුර්වල පන්දු යැවීම නිසා පකිස්තාන කී‍්‍රඩකයෙකු ඉතිහාසයට එක්වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




දුර්වල පන්දු යැවීම හේතුවෙන් පකිස්තාන වේග පන්දු යවන කී‍්‍රඩක උස්මාන් ෂින්වාරි කි‍්‍රකට් වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා. ඒ, පන්දුවාර 20යි 20 කි‍්‍රකට් තරග ඉතිහාසයේ පකිස්තාන පන්දු යවන්නෙකු තරගයකදී ප‍්‍රතිවාදී කණ්ඩායමට ලබා දුන් වැඩිම ලකුණු සංඛ්‍යාව හේතුවෙන්.

දකුණු අපි‍්‍රකාව සමග පැවැති දෙවන පන්දුවාර 20 තරගයේදී උස්මාන් ෂින්වාරිගේ පන්දුවාර 04ට දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් ලකුණු 63ක් රැස් කළා. මෙම තරගයේදී වේග පන්දු යවන කී‍්‍රඩක හසන් අලීගේ පන්දුවාර 04ට දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් ලකුණු 48ක් රැස් කිරීමට ද සමත්වුණා. එය සටහන් වූයේ පන්දුවාර 20යි 20 කි‍්‍රකට් තරග ඉතිහාසයේ පකිස්තාන පන්දු යවන්නෙකු තරගයකදී ප‍්‍රතිවාදී කණ්ඩායමට ලබා දුන් වැඩිම හත්වන ලකුණු සංඛ්‍යාව ලෙසයි.