Sunday, May 5, 2024

General line - 0115112241

ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය සඳහා ලබා ගත් මහජන අදහස් වාර්තාව ජනපතිට




ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය සඳහා ලබා ගත් මහජන අදහස් ඇතුළත් වාර්තාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත අද පස්වරුවේ පිළිගන්වනු ලැබුවා. ඒ, ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක කේනද්‍රීය  ලක්ෂණ එළි දැක්වීම උදෙසා වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ විසින්.

කොළඹ විද්වත් වෘත්තිකයින්ගේ සංගම් මධ්‍යස්ථානයේදී එම ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත්, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

නෛතික නිදහසින් වසර 71කට පසු ප‍්‍රතිපත්ති සම්පාදන තුළින් සැබෑ නිදහසක් කරා යන තේමාව යටතේ සංවිධාන කෙරුණු ප‍්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිවරයා මෙහිදී එක්වුණා.