Wednesday, May 8, 2024

General line - 0115112241

බන්ධනාගාරය තුළදී සිරකරුවන්ට පහරදීමේ සිද්ධියේ පරීක්ෂණ අවසන්

නිශාන් ද සිල්වා




අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ඉකුත්දා ඇති වූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණය අවසන් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහ අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල කමිටුවක් මෙම පරීක්ෂණය සිදු කළා.

එහි වාර්තාව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කර අමාත්‍ය තලතා අතුකෝරළට භාරදී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ දී සිරකරුවන්ට පහරදීමට අදාළ එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද මීට පෙර පරීක්ෂණ සිදු කළා.