Friday, May 10, 2024

General line - 0115112241

මදූෂ් ඇතුළු පිරිසගේ විස්තරාත්මක නිල වාර්තාවක් ලැබෙන බව ආරක්ෂක අංශ කියයි

හේමන්ත කහවලගේ




ඩුබායිහි දී අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මදූෂ් සහ ඔහුගේ සගයින් පිළිබඳ විස්තරාත්මක නිල වාර්තාවක් තමන් වෙත මෙම සතියේදී ලැබෙනු ඇතැයි ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විශ්වාසය පළ කරනවා.

මෙම පිරිස අත්අඩංගුවට ගැණුනේ ඩුබායිහි තරු පංතියේ හෝටලයක සාදයක් පවත්වමින් සිටියදීයි. 

මේ අතර මාකදූරේ මදූෂ් විවිධ සමාජ සේවාවන්හීද නිරත වෙමින් තමන් කෙරෙහි ඇති ජනතා අප‍්‍රසාදය යටපත් කර ගැනීමට උත්සහ කර ඇතැයි ශ‍්‍රී ලංකාවේ කළ විමර්ශනවලින් හෙළිව තිබෙනවා.

විහාරස්ථාන සඳහා ධර්ම ශාලා සහ දාන ශාලා වැනි ඉදිකිරීම් කරදීම ද ඔහු විසින් සිදු කර ඇති බවටයි විමර්ශනවලින් වැඩිදුරටත් හෙළිව ඇත්තේ. මෙලෙස ඉදිකෙරුණු එක් ඉදි කිරීමක මාකඳුරේ මදූෂ් ඔහුගේ නමින් නොව ලොකු පුතා ලෙස හඳුන්වමින් නාම පුවරුවක් ද සවි කර තිබෙනවා.