Friday, May 10, 2024

General line - 0115112241

වතු කම්කරු වැටුප වැඩි කිරීමේ තීරණයක්

මහේෂ් චතුරංග/සමන්ත කුමාර




වතු කම්කරු වැටුප රුපියල් 50කින් වැඩි කිරීමට රජය තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

ඉදිරි අයවැයෙන් වසරක කාලයක් සඳහා දීමනාවක් ලෙස එම මුදල ලබා දෙන බවයි අමාත්‍යවරයා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. 

ආණ්ඩුවේ පාර්ශවකරුවෙක් වන දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානයේ බලපෑම් හමුවේ දේශපාලන පැලැස්තරයක් ලෙස එම යෝජනාව කි‍්‍රයාත්මක කරන්නේ දැයි මාධ්‍යවේදියෙකු එහිදී අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්ණ කළා. ඊට ඔහු ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.