Tuesday, May 7, 2024

General line - 0115112241

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ වලට රජයේ උපරිම සහය




මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායහිදී සිදු කෙරෙන විමර්ශන වලට රජය උපරිම සහය ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.

කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

තමන් සිදු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී දැක්වූ අදහසකට ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ප‍්‍රතිචාර දැක්වූවා.