Friday, May 10, 2024

General line - 0115112241

උතුර ගැන සාකච්ඡාවක් (PHOTOS)

මාධව කුලසූරිය




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත හනාසිංගර් සහ උතුරු පළාත් ආණ්ඩුකාර, ආචාර්ය සුරේන් රාඝවන් අතර සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

යුද්ධයෙන් අවතැන් වූ උතුරේ ජනතාවගේ වත්මන් තත්ත්වය, ඉන්දීය සරණාගත කඳවුරුවල ජීවත්වන උතුරු නැගෙනහිර ජනතාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබෙනවා.

උතුරු පළාතේ වර්තමාන සංවර්ධන කටයුතු මෙන්ම සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් වන ප‍්‍රගතිය පිළිබඳව ද එහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබෙනවා. එම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එන්. ඉලංගෝවන්  සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් පිරිසක් ද එක්ව  සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.