Friday, May 10, 2024

General line - 0115112241

අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය රිමාන්ඩ්

සමන්ත කුමාර




අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකාර විදුහල්පතිනිය ගාල්ල මහේ්ස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පාසලේ විදුහල්පති කාර්යාලය තුළදී සැකකාරිය අත්අඩංගුවට ගැණුනේ රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදීයි.

පළමු ශ්‍රේණියට සිසුවියක් ඇතුළත් කර ගැනීම සඳහා සැකකාර විදුහල්පතිනිය එම අල්ලස ලබාගෙන ඇති බවයි අල්ලස් කොමිසමේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.