Friday, May 10, 2024

General line - 0115112241

රීයුනියන් දූපතෙන් පිටුවහල් කෙරුණු ශී‍්‍ර ලාංකිකයින් 64 දෙනෙකු යළි දිවයිනට

ටී.කේ.ජී කපිල - කටුනායක




රීයුනියන් දූපතෙන් පිටුවහල් කෙරුණු ශී‍්‍ර ලාංකිකයින් 64 දෙනෙකු අද (14) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ප‍්‍රංශයට අයත් විශේෂ ගුවන් යානයකින් එම පිරිස කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලට රැුගෙන ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ, එරට ආරක්‍ෂක නිලධාරීන් 70 දෙනෙකුගේ ආරක්‍ෂාව මධ්‍යයේයි.

එම ශී‍්‍ර ලාංකිකයින් පිරිස අතර පිරිමි පුද්ගලයන් 54 ක් , කාන්තාවන් 06 ක් සහ කුඩා ළමුන් 04 ක් ද සිටින අතර ඔවුන් යාපනය, මීගමුව සහ හලාවත ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඔවුන් සියළු දෙනා වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.