Friday, May 10, 2024

General line - 0115112241

ව්‍යාපාර සදහා පහසුකම් ලැයිස්තුවේ ශී‍්‍ර ලංකාව පියවර 11 ක් ඉදිරියට

කසුන් කැළුම්/ඩිල්ෂාන් මඩවල




ව්‍යාපාර කිරීමේ පහසුකම් සහිත රටවල් හදුනාගැනෙන ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් නමැති ලෝක බැංකු ශ්‍රේණිගත කිරීමේ 111 වන ස්ථානයේ සිට 100 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශී‍්‍ර ලංකාව සමත්ව සිටිනවා.  

මෙම ශ්‍රේණිගත කිරිම සිදු කෙරෙන්නේ රටවල් 190 ක් සලකා බලමින්. ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට ඇති පහසුකම් වැඩි කරමින් මෑතදී හදුන්වා දුන් නව රේගුලාසි සහ වැඩපිළිවෙල ශී‍්‍ර ලංකාව මෙහි ඉදිරියට පැමිණීමට හේතුවී ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවා.

එක් දිනක් තුළ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට හැකියාව ඇති කරමින් හදුන්වා දුන් නව රෙගුලාසිද ඒ අතර වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.

බදු ගෙවීමේදී සපයා ඇති පහසුකම්ද ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස්හි ඉදිරියට පැමිණීමට හේතුවක් වී ඇතැයි මෙහිදී විස්තර කෙරුණා. මෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් අන්තර්ජාලය ඔස්සේ බදු ගෙවීමේ පහසුකම්ද ඉදිරියේදී හදුන්වා දෙන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ඒ ඒ දයාරත්න පැවසුවේ.

කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරුණා.