Sunday, May 5, 2024

General line - 0115112241

බලය බෙදීම ගැන එජාපයෙන් කිසිදු ලියවිල්ලක් නැහැ - අගමැති යාපනයේදී කියයි

ඩිල්ෂාන් මඩවල




බලය බෙදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය මෙතෙක් කිසිදු ලියවිල්ලක් සකස් කර නැතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡුාවට බදුන් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පිහිටුවන ලද සර්ව පාක්‍ෂික සමුළුවේ යෝජනා බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

යාපනය වීරසිංහම් ශාලාවේ අද (14) පැවති උත්සවයකදී මෙම අදහස් පළ කෙරුණා.

මේ අතර උතුරේ හෝ දකුණේ සෑම පුරවැසියෙකුටම සමාන අවස්ථා සහ සේවා සැපයීමට ගත වූ වසර 4 පුරා රජය කි‍්‍රයා කළ බව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහම මහතා පවසනවා.

ණය උගුලකට හසුව සිටියත් සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය වෙනුවෙන් වැඩිම වියදමක් දැරීමටද රජය කි‍්‍රයා කළ බවයි අග‍්‍රාමාත්‍යවරයා සිහිපත් කළේ. යාපනය ශික්‍ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය සහ හදිසි ප‍්‍රතිකාර අංශය විවෘත කිරීම වෙනුවෙන් අද පැවති උත්සවයකදී අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.