Sunday, May 5, 2024

General line - 0115112241

2019 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම ඇරඹෙයි

ඩිල්ෂාන් මඩවල




2019 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ වී තිබෙනවා.

පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් භාර ගැනීම ලබන 25 වනදායි අවසන් කිරීමට නියමිතයි.

ඔවුන්ට නියමිත අයදුම්පත‍්‍ර අදාළ පාසල් වෙත දැනටමත් යවා ඇති බව  විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් භාර ගැනීම අවසන් වන්නේ ලබන මස පළමු වනදායි.

ඔවුන්ට නියමිත අයදුම්පත‍්‍ර පුවත්පත් දැන්වීම්වලින් සහ අඅඅගාදැබැඑිගකන වෙබ් අඩවියේ ප‍්‍රසිද්ධ කර තිබෙනවා.

අයදුම්පත් භාර ගැනීමේ කාලය කිසිදු හේතුවක් නිසා වෙනස් නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.