Friday, May 10, 2024

General line - 0115112241

ජනපති ට්‍රම්ප් විධායක බලතල පෙන්වයි - දේශසීමා තාප්පයට මුදල් රැස් කරන්න ඇමෙරිකාවේ හදිසි තත්වයක්




ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් එරට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා. ඇමෙරිකා - මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකිරීමට යෝජිත තාප්පය සදහා අරමුදල් සැපයීම මෙහි අපේක්‍ෂාවයි.

දැනට මාස කිහිපයක සිට ඇමෙරිකාවේ පරිපාලනය අඩපන වී තිබේ. රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවා නැති බවද වාර්තා වේ. අත්‍යවශ්‍ය සේවා හැරුනු කොට අනෙකුත් සියලූම රාජ්‍ය පරිපාලන කටයුතු සහ සේවා නැවති තිබේ. ඒ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඒ සියලූම කටයුතු සදහා සිය අනුමැතිය ලබා නොදීම නිසාය.

මෙක්සිකෝව සහ ඇමෙරිකාව වෙන් කර ඉදි කරනා තාප්පය සඳහා අරමුදල් වෙන් කිරීම ඇමෙරිකානු ඉහළ කොංග්‍රස් මණ්ඩලය අනුමත කළේ නැත. කොංග්‍රස් මණ්ඩලය දේශසීමා තාප්පය උදෙසා අවශ්‍ය මුදල් ලබා දෙන තුරු අනෙකුත් සියලූම කටයුතු සදහා අනුමැතිය ලබා දීම ඇමෙරිකානු ජනපතිවරයා ප්‍රතික්ෂේප කරමින් සිටියේය. 

රාජ්‍ය සේවා කටයුතු අඩපණ වීම පිළිබඳ ඇමෙරිකානු ජනතාව ඉවසීමෙන් කටයුතු කළ අතර බහුතර ඇමෙරිකානුවන් දේශසීමා තාප්පය ඉදි කිරීමට ජනපති ට්‍රම්ප් ගෙන යන අරගලයට සහය දක්වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්වය අවසන් කිරීමට ජාතික හදිසි අවස්ථාවක් කැදවමින් සිය විධායක ජනපති බලතල භාවිතා කරමින් අරමුදල් ලබා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සුදානම් වේ.

මෙම දේශසීමා තාප්පය ඉදිකිරීම ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක්ද වුණා.