Friday, May 10, 2024

General line - 0115112241

මාකඳුරේ මදූෂ් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නවාද නැත්දයි තීරණය කිරීමට පෙර කළ යුතු වැඩක්

ලහිරු කපුගේ/ඩිල්ෂාන් මඩවල




ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට පෙර පරීක්‍ෂණ අවසන් කිරීම සදහා එරට විමර්ශකයන්ට තවත් කාලයක් ලබාදිය යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. 

කෙසේවෙතත් සිදු කෙරෙන විමර්ශන පිළිබද තවදුරටත් ඉතා විමසිල්ලෙන් සිටින බවයි නෙත් නිවුස් කළ විමසීමකදී එහි ප‍්‍රකාශිකාවක් වැඩිදුරටත් කියාසිටියේ. 

මේ අතර මාකදුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මත් විරෝධී වැඩසටහනෙහි තවත් ජයග‍්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින්. මාකදුරේ මදූෂ් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතර පැවති බව කියන සම්බන්ධතා පිළිබදවද එහිදී අදහස් පළ කෙරුණා.

 

මාකදුරේ මදූෂ් සහ ඔහු සමග අත්අඩංගුවට ගැණුනු සෙසු පිරිස තවමත් ඩුබායිහි රැදවුම් භාරයේ සිටිනවා.