Monday, April 29, 2024

General line - 0115112241

කුසල්ගේ හඹායෑම ගැන සංගා අදහස් පළ කරයි - කණ්ඩායමට ජය සමරන්න ක්‍රීඩා ඇමතිගෙනුත් තෑග්ගක් (VIDEO)

කසුන් කැළුම්




දකුණු අපි‍්‍රකාවට එරෙහිව ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) ලද විශ්මිත ටෙස්ට් කි‍්‍රකට් ජයග‍්‍රහණයට නන් දෙසින් සුභ පැතුම් ගලා එමින් තිබෙනවා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද සිය නිල ට්විටර් ගිණුම හරහා ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙත සුභ පැතුම් එක් කර තිබුණා.

ජනාධිපතිවරයාගේ එම සුභ පැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ දිගින් දිගටම ලැබූ පරාජයන් අවසන් කරමින් ලද මෙම ජයග‍්‍රහණය පිළිබඳ මුළු මහත් ශ‍්‍රී  ලංකාවම සතුටු වන බවයි. නොදැවී ලකුණු 153ක් රැස් කරමින් මෙම ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වූ කුසල් ජනිත් පෙරේරාගේ දක්ෂතාව ද ජනාධිපතිවරයා මෙහිදී ඇගයීමට ලක් කර තිබෙනවා. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සුභ පැතුම් එක් කරමින් සඳහන් කර ඇත්තේ නවක කී‍්‍රඩකයින්ගෙන් සැදුම් ලත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලද මෙම ජයග‍්‍රහණය පිළිබඳ තමන් ද සතුටට පත්වන බවයි. 

මේ අතර මෙම ජයග‍්‍රහණය පිළිබඳ සුභ පැතුම් එක් කරමින් කුමාර් සංගක්කාර පවසන්නේ කුසල් ජනිත්ගේ විශිෂ්ඨ ඉනිම ශ‍්‍රී ලංකා පිතිකරුවෙකු විදෙස් රටකදී ටෙස්ට් තරගයක වාර්තා කළ සාර්ථකම හඹා යාම ලෙසයි.

ඇන්ජලෝ මැතිව්ස් සහ මහේල ජයවර්ධන, සනත් ජයසූරිය ඇතුළු හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් රැසක් ද ශ‍්‍රී  ලංකාව ලද මෙම ජයග‍්‍රහණය සහ කුසල් ජනිත්ගේ විශිෂ්ඨ පිතිහරඹය ඇගයීමට ලක් කර තිබෙනවා. 

එංගලන්ත හිටපු නායක මයිකල් වෝන් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ටෙස්ට් පිටියේ පිතිකරුවෙකු වාර්තා කළ විශිෂ්ඨ ඉනිම් අතරට කුසල් ජනිත්ගේ ඉනිම ද අයත් වන බවයි. 

මේ අතර කුසල් ජනිත් සහ විශ්ව ප‍්‍රනාන්දු මෙම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේ ලෝක වාර්තාවක් ද සමගින්. ඒ, දස වැනි කඩුල්ල සඳහා ලකුණු 78ක නොබිඳුනු සබඳතාවක් ගොඩනගමින්.

ජයග‍්‍රහණයෙන් පසු තරගයේ වීරයා සම්මානය දිනා ගත් කුසල් ජනිත් පෙරේරා අදහස් පළ කළා. එහිදී සඳහන් කළේ නවකයින් සමග එක්වී මෙවැනි ජයග්‍රහණයක් ලැබීමට හැකිවීම ගැන සතුටු වන බවයි. ජයග්‍රහණය ලබා ගැනීමට 11 දෙනාටම පිතිකරණයේ නිරත වීමට සිදු වූ බවද පෙන්වා දුන්නා. පත්ව ඇති ස්ථානයෙන් ඉදිරියට ගමන් කරන්නට හදන කණ්ඩායමක් ලෙස මෙම ලැබූ ජයග්‍රහණය අතිශ්‍ය වැදගත් බවද සඳහන් කළා.

එක් අන්තයකින් සිය කඩුල්ල රැක ගෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යාමට දායක වූ විශ්ව ප‍්‍රනාන්දු ද මෙහිදී අදහස් පළ කළා. ඔහු පෙන්වා දුන්නේ  කුසල් ජනිත් පෙරේරාට ලකුණු රැස් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීම තමාගේ ප්‍රධාන අරමුණ වූ බවයි. 

ශ්‍රී ලංකාව ලද මෙම ජයග‍්‍රහණය වෙනුවෙන් කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු කී‍්‍රඩකයන් වෙත කේක් සංග‍්‍රයක් ද ලබා දුන් අතර ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් එම ජය සමරන වීඩියෝව පහතින් දැක්වෙයි.