Monday, April 29, 2024

General line - 0115112241

"බලා සිටීම පමණක් සුදුසු නෑ" ටෙස්ට් නායකයා මැදපෙළට මතක් කරයි

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් මීට වඩා වගකීමෙන් යුතුව කී‍්‍රඩා කළ යුතු බව ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කණ්ඩායමේ එක් පිතිකරුවකු පමණක් ලකුණු රැස් කරන තෙක් බලා සිටිම සුදුසු නොවන බවයි.

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඊයේ (16) ලද අනපේක්ෂිත ටෙස්ට් ජයග‍්‍රහණයෙන් අනතුරුව නායක දිමුත් කරුණාරත්න මෙම අදහස් පළ කළා.  

ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණයේ නියමුවා වූ කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ඨ පිතිහරඹය සියල්ලන් පුදුමයට පත් කළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 

ශ‍්‍රී ලංකා දකුණු අපි‍්‍රකා දෙවන සහ අවසන් ටෙස්ට් තරගය ලබන  21වැනිදා පෝර්ට් එලිසබෙත් හිදී ආරම්භ කිරීමට නියමිතයි.