Monday, April 29, 2024

General line - 0115112241

අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා : අපි කෝච් වෙනුවෙන් ගහන්න ඕනේ - තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කියයි (VIDEO)




දකුණු අප්‍රිකාව සමග පැවති පළමු ටෙස්ට් තරගය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ක්‍රීඩා විවේකාගාරයේදී සිය ජයග්‍රහණය සමරමින් තමන් මුහුණ දෙමින් සිටින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශ ඇතුලත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් වී තිබෙනවා. 

මෙහිදී කණ්ඩායමේ ක්‍රීඩකයින්ට හා පුහුණුකරුට එල්ලවී තිබෙන පීඩනය සම්බන්ධයෙන් කුසල් ජනිත් පෙරේරා සහ සුරංග ලක්මාල් මෙහිදී සිය අදහස් දක්වන අයුරු දක්නට ලැබෙනවා.

කුසල් ජනිත් පෙරේරා කියා මෙහිදී කියා සිටියේ, 

" මේක රෙකොර්ඩ් කරන නිසා මම භාෂාව ගැන පොඩ්ඩක් හිතලා කතා කරන්නම්. අපිට ප්‍රශ්න තියෙනවා. මම හිතන්නේ මේ ගැන අපේ මැනේජර් බෝර්ඩ් එකට දැනුම් දීලා අවශ්‍ය දේ කරයි කියලා. මම ගැහුවේ හිතේ තරහට. මම ගැහුවේ කෝච නිසා මම කිව්වා මට පුළුවන් දේ කරනවා කියලා. මේ ගැන පණිවිඩය බෝර්ඩ් එකට යාවි කියලා, අපි ටීම් එකක් විදිහට සෙල්ලම් කරලා මැච් එක දිනුවා".

මෙහිදී සුරංග ලක්මාල් කියා සිටියේ "අපිට ගොඩක් ප්‍රශ්න ආවා. එක් එක් අය අපිට එක එක දේ කිව්වා. නමුත් මම කෝච්ව දන්නේ 2008 ඉදලා. අපිට ඕන උනේ එකක් හරි දිනන්න. අපිට ආවට වඩා ප්‍රශ්න ආවේ හතුරු සර්ට. අපිට ආපු ගොඩක් ප්‍රශ්න කෝච් එයා ලගින් නතර කර ගත්තා. මොකද එයා අපි වෙනුවෙන් ගොඩක් කැපවීම් කළා. අපි දින්නත් පැරදුනත් අපේ මෙතන ඉන්න 27 දෙනා එකට ඉන්න ඕනේ. හතුරු සර් අපි වෙනුවෙන් සියට දෙසීයක් දුන්නා. අපි ඊළඟ මැච් එකක් තියෙනවා. දින්නත් පැරදුනත් අපි හැමෝම එකට ඉන්න ඕනේ. ඒකයි මෙතන වැදගත්ම දේ".