Monday, April 29, 2024

General line - 0115112241

ICCය කුසල්ගේ වාර්තා අලුත් කරයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 58 ක් ඉදිරියට පැමිණීමට ශී‍්‍ර ලංකාවේ කුසල් ජනිත් පෙරේරා සමත් වී සිටිනවා.

ඒ, දකුණු අපි‍්‍රකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී නොදැවී රැස් කළ වාර්තාගත ලකුණු 153 හේතුවෙන්.

නවතම ශ්‍රේණිගත කිරීමේ කුසල් ජනිත් පෙරේරා පසුවන්නේ 40 වන ස්ථානයේයි.

ඔහුට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 556 ක්. එය කුසල් ජනිත් පෙරේරාට ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ ශ්‍රේණිගත කිරීමක හිමිවූ ඉහළම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවයි. මීට අමතරව ධනංජය ද සිල්වා ස්ථාන 6 ක් ඉදිරියට පැමිණෙමින් නවතම ශ්‍රේණිගත කිරීම්වල 57 වන ස්ථානයේ පසුවනවා.