Monday, April 29, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මහේෂ් චතුරංග / අධිකරණ වාර්තාකරු




දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා 6 ක් සදහා වන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට නියෝගයක් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිකුත් කරන්නැයි ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (18) රිට් පෙත්සමක් ගොණුකරනු ලැබුවා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසම සහ එහි සභාපති මහින්ද දේශපි‍්‍රයයි. එම පෙත්සම ගොණු කිරිමෙන් අනතුරුව සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.