Monday, April 29, 2024

General line - 0115112241

කුඩා ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අඩු කිරීමට ජනපතිගෙන් පියවර




මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමේ අරමුණින් කුඩා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදී අය කෙරෙන ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. මෙම වසරේ ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ ප‍්‍රතිලාභ බෙදාදීම වේගවත් කිරීමට ග‍්‍රාම ශක්ති ජාතික සතිය ප‍්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. 

ග‍්‍රාම ශක්ති ජනතා වැඩපිළිවෙල නාගරික දිළිදු ජනතාව වෙතද ව්‍යාප්ත කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. 

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ විළිඹුල, හේනේගම ප‍්‍රදේශයේ පැවති ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අමතමින්.