Monday, April 29, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින සංචිතය නම් කරයි : අකිල ධනංජය යළි කැඳවයි

කසුන් කැලුම්




දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට එක්වන ශි‍්‍ර ලංකා සංචිතය අද (18) නම් කළා. කී‍්‍රඩයින් 17 දෙනෙකුගේ සමන්විත වන සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් නොවන අතර නවක කී‍්‍රඩකයින් කිහිප දෙනෙකුම ඇතුළත්ව සිටිනවා. මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ ලසිත් මාලිංගයි. 

යොවුන් කී‍්‍රඩකයින් වන අවිශ්ක ප‍්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, පි‍්‍රයමාල් පෙරේරා සහ  ඕෂධ ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට ඇතුළත්ව සිටිනවා. අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි බව තහවුරු වීම හේතුවෙන් ඔහුද ශී‍්‍ර ලංකා සංචිතයට කැදවූ බවයි කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

නිරෝෂන් දික්වැල්ල මෙම තරගාවලියේදී උප නායකයා ලෙස නම්කර ඇති අතර උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ ඇන්ජලෝ පෙරේරාද ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට ඇතුළත්. කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, විශ්ව ප‍්‍රනාන්දු, කසුන් රාජිත සහ ලක්ෂාන් සදකැන්ද ඊට ඇතුළත්. 

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර එක්දින තරග 5 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. දෙරට අතර පළමු එක්දින තරගය මාර්තු මස 3 වනදා ජොහැන්නස්බර්ග්හිදි පැවැත්වීමට නියමිතයි.