Monday, April 29, 2024

General line - 0115112241

කෙසෙල්වත්තේ "රයිනා" STF අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




කෙසෙල්වත්ත, වේල්ල විදිය ප්‍රදේශයේදී ඊයේ (17) සවස සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙසෙල්වත්ත දිනුකගේ සමිපතයෙක් බව කියන "රයිනා" නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් අද (18) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 04ක් සහ කඩුවක් තිබී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කලේ. 24 හැවිරිදි චරිදු චනිල්ක සංකල්ප නොහොත් "රයිනා" නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මොහු කෙසෙල්වත්ත දිනුක ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙක් බවට සැක කරනවා.

ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් 28 හැවිරිදි තරුණයෙක් තුවාල ලැබුවා.