Thursday, May 2, 2024

General line - 0115112241

ප‍්‍රධාන පෙළේ තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු පොලිස් දැලේ




ප‍්‍රධාන පෙළේ තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (28) අත්අඩංගුවට ගැණුනා.

ඒ, බොරැල්ල ප‍්‍රදේශයේ සිදු කෙරුණු වැටලීමකදීයි. සංවිධානාත්මක අපරාධ මෙහෙයවන්නෙකු ලෙස සැලකෙන දෙමටගොඩ චමින්ද නමැත්තාගේ සහෝදරයෙකු වන කුඩු රුවන් නමැත්තා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සමග සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙකුද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මෙලෙස අත්අඩංගුවට ගැණුනු අය අතර කුඩු රුවන් නමැත්තාගේ පුත‍්‍රයෙකුද සිිටිනවා.

පකිස්තාන ජාතික යුවළක්ද ඒ අතර සිටින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

ඔවුන් ළග තිබී කොකේන් මත්ද්‍රව්‍ය සහ ආයුධ කිහිපයක්ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ආයුධ අතර වායු රයිෆලයක්, පිස්තෝල 2 ක් සහ කඩු 2 ක්ද තිබෙන බවයි පොලිස් ආරංචි පැවසුවේ.

සුඛෝපභෝගී මෝටර් රථ 2 ක්, ජීප් රථයක් සහ අධිවේගී යතුරු පැදියක්ද මුදල් ගණන් කිරීමේ යන්ත‍්‍ර 2 ක් සහ මුදල් රුපියල් ලක්‍ෂ 2 කට ආසන්න ප‍්‍රමාණයක් ද මෙහිදී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස රැදී සිට ඇත්තේ සිව් මහල් ගොඩනැගිල්ලකයි.