Thursday, May 2, 2024

General line - 0115112241

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සම්බන්ධයෙන් CID පරීක්ෂණයක්

හේමන්ත කහවලගේ




පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන මාධ්‍ය වාර්තාවක් පාදක කර ගනිමින් ආරම්භ වී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මෙම මාධ්‍ය වාර්තාව පළමුව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ පොලිස්පතිවරයාගේ අවධානයට යොමුකර ඇති අතර පොලිස්පතිවරයාගේ උපදෙස් අනුවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත්තේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ රහසිගත ලේඛණ සහ රහසිගත තොරතුරු සැකකරුවන්ට ලබාදුන් බවට ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සහ තවත් නිලධාරීන් පිරිසක් චෝදනාවට ලක්ව සිටිනවා.