Thursday, May 2, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නව තනතුරු කිහිපයක් පත් කෙරෙයි

ලහිරු කපුගේ/ඩිල්ෂාන් මඩවල




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නව තනතුරු කිහිපයක් සදහා අද තැනැත්තන් පත් කෙරුණා.

ප‍්‍රචාරක ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සියඹලාපිටිය පත් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ වෘත්තීය සමිති ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්නද වෘත්තීය සමිති නියෝජ්‍ය ලේකම් ලෙස වීරකුමාර දිසානායක මන්තී‍්‍රවරයාද පත්කර තිබෙනවා.

වෘත්තීයවේදීන්ගේ සංවිධාන ලේකම් ලෙස තවත් පත් කිරීමක් සිදුකර ඇති අතර ඒ සදහා පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සාරතී දුෂ්මන්තයි.

සාමාජික ප‍්‍රවර්ධන ලේකම් ලෙස සුදර්ශන රත්නායක පත්කර තිබෙනවා. නව ආසන සංවිධායකවරුන් 47 දෙනෙකුද පත් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පස්වරුවේ මෙම සියළු පත්වීම් ප‍්‍රදානය කෙරුණා.