Monday, May 13, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍ය ගුවන් තොටුපල 02ක සහ දුම්රිය ස්ථානයක පුපුරණ ද්‍රව්‍ය සහිත පාර්සල් (PHOTOS)




ගුවන් තොටුපල 02ක් සහ දුම්රිය ස්ථානයක් වෙත ලැබුණු පුපුරණ ද්‍රව්‍ය සහිත පාර්සල් 03ක් පිළිබඳ බි‍්‍රතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හීතෘ සහ ලන්ඩන් සිටි යන ගුවන් තොටුපල වෙතත් වෝටර්ලූ දුම්රිය ස්ථානය වෙතත් මෙම පුපුරණ ද්‍රව්‍ය සහිත පාර්සල් ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.  

A4 ප‍්‍රමාණයේ තැපැල් බෑගවල අසුරා පාර්සල් එවා තිබෙනවා. හීතෘ සහ වෝටර්ලූ වෙත මෙම පාර්සල් ලැබී ඇත්තේ අයර්ලන්ත මුද්දර සහිතවයි. ඒ අනුව විමර්ශන සඳහා අයර්ලන්ත පොලිසියේ ද සහය ලබාගෙන තිබෙනවා.